Folge uns
iBookstore
Android app on Google Play
Gefällt mir
Ein Programm der Universität Leiden
තාරකා මිලියන 84ක් හා ඔබ්බට!
24. October 2012

ඉහත ක්ෂිරපථ මධ්‍යයේ ඡායාරූපය ගන්නා ලද කැමරාව අපගේ එදිනෙද කැමරා හා සංසන්දනය කළවිට ඒවා කෙළිබඩු තරම් යැයි හැඟෙන තරමට සරලය.

ඔබ අලුත් කැමරාවක් මිලදී ගැනීමට යාමේදී, එම කැමරාවේ මෙගාපික්සල් අගය සැලකීමට ගන්නා බව ඔබ දන්නවා. මෙම අගය මගින් එම කැමරාවෙන් ගත හැකි ඡායාරූපවල තත්වය පිළිබද මිම්මක් ලබාදේ. සාමාන්‍ය ඩිජිටල් කැමරාවක මෙගාපික්සල් අගය 10ක් පමණ වේ. නමුත් මෙම ඡායාරූපය ගත් විශේෂ කැමරාව මෙගාපික්සල 12,000ක අගයකට හිමිකම් කියයි.

මෙම ඡායාරූපයේ විශේෂත්වය එතෙකින් නොනවතී. මෙහි ඇති මිලියන 173ක් පමණ වන වස්තූන්ගෙන් මිලියන 84ක් පමණ තාරකා බව හඳුනාගෙන ඇත. මෙය අප ක්ෂිරපථ මධ්‍යයේ ඡායාරූපයක මෙතෙක් හඳුනාගත් තාරකා ප්‍රමාණය මෙන් දස ගුණයකට වඩා වැඩිය.

තාරකා විද්‍යාඥ ඩාන්ටේ මිනිටි පවසන අන්දමට, මෙම ඡායාරූපය මගින් තාරකා විශාල ප්‍රමාණයක් එකවර හසුකර ගන්නා නිසා ක්ෂිරපථයේ මෙම කොටසේ තාරකා ව්‍යාප්තිය පිලිබඳ මෙමගින් පුළුල් අවබෝධයක් ලබාගත හැක. තාරකා විද්‍යාඥයින් දැනටමත් මෙම ඡායාරූපය ආධාරයෙන් නව සොයාගැනීමක් සිදුකර ඇත: එනම් මෙහි රතු වාමන තාරකා විශාල ප්‍රමාණයක් ඇති බවයි. මෙම සොයාගැනීම සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට ග්‍රහලෝක සොයන්නන්ට සුභ ආරංචියක් වන්නේ, මෙවැනි තාරකා වටා එවැනි ග්‍රහලෝක පැවතීමට වැඩි ඉඩ කඩක් ඇති බැවිනි.

ඔබත් එකතුවන්න: ඔබට ලොව ඇති ප්‍රභලම දුරේක්ෂයක් හිමි නම් ඔබ නිරීක්ෂණය කරන්නේ කුමක්ද? තම පනස්වන සැමරුම සදහා දකුණු යුරෝපීය නිරීක්ෂණාගාරය (ESO) විසින් තම VLT දුරේක්ෂය මඟින් නිරීක්ෂණය කළ යුතු අභ්‍යවකාශ වස්තුව පිළිබද මත විචාරයක් පවත්වයි. වැඩි විස්තර මෙම අඩවියෙන්.

Mehr Informationen

ESOමෙම තොරතුරු ESO මාධ්‍ය නිකුතුවක් ඇසුරිනි.

Share:

Mehr Neuigkeiten
14 September 2020
10 September 2020
3 September 2020

Bilder

84 Millionen Sterne und mehr!
84 Millionen Sterne und mehr!

Printer-friendly

PDF File
959,5 KB