Folge uns
iBookstore
Android app on Google Play
Gefällt mir
Ein Programm der Universität Leiden
විශ්ව සැකසුම් වට්ටෝරුව
30. July 2015

අපේ විශ්වයට සමාන තවත් විශ්වයක් පිලියල කර ගැනීමට කැමතිද? ඔබට අවශ්‍ය ද්‍රව්‍ය පහත දැක්වේ

 

  • හයිඩ්‍රජන් කෝප්ප 3ක්
  • හීලියම් කෝප්ප 1
  • ඇඹරූ ලිතියම්
  • බෙරේලියම් ස්වල්පයක්

 

දැන් මෙම අමුද්‍රව්‍ය සියල්ල අතිශයින්ම කුඩා ගෝලයක් වනතුරු අඹරා මහ පිපුරුම සිදුවන තුරු ආරක්‍ෂිත දුරකින් රැඳී සිටින්න.

මෙය විශ්වයේ අමුද්‍රව්‍ය වට්ටෝරුවයි. ආරම්භයේදී එය නිර්මාණය වී පැවතුන මුලද්‍රව්‍ය වන්නේ ඉහත සඳහන් කල සරල රසායනික ද්‍රව්‍ය හතරයි.

මේ වන විට මහා පිපුරුම සිදු වී වසර බිලියන 14ක් පමණ ගෙවී ඇති අතර මුලද්‍රව්‍ය 92ක් පමණ විශ්වයේ පවතී. මෙම මුලද්‍රව්‍ය මගින් යෝධ තාරකා වල සිට කුඩා කෘමින් දක්වාත්, ඔබේ ප්‍රියතම චොකලට් විස්කොතුව දක්වාත් ලෙස විශ්වයේ ඇති සියලුම ද්‍රව්‍ය නිර්මාණය වී ඇත.

 නව මුලද්‍රව්‍ය 88ක් පමණ නිර්මාණය වුයේ කෙසේද යන්න අප දන්නා කරුණක් වුවද (ඒවා තාරකා අභ්‍යන්තරයේ නිර්මාණය වී විශ්වයට මුදා හැරීම සිදුවේ) ඇතැම් කාරනා තවමත් අභිරහස් ලෙස පවතී. මේ අතර විසඳා ගත නොහැකි ප්‍රහේලිකාවක් ලිතියම් මුලද්‍රව්‍ය සම්බන්දව පැවතින.

විශ්වයේ ආරම්භක මුලද්‍රව්‍යක් ලෙස ලිතියම් සැලකෙන නමුත් අපේ මන්දාකිනියේ පවතින ලිතියම් ප්‍රමාණය ඇස්තමේන්තුගත කිරීම තාරකා විද්‍යාඥයන්ට හිසරදයක් වී තිබුණි. පැරණි තාරකා වල බලාපොරොත්තු වන ප්‍රමාණයට අඩුවෙනුත් නව තාරකා වල එමෙන් දස ගුණයක් පමණත් ලිතියම් මුලද්‍රව්‍ය අඩංගු වී පවතී.

මෑතකදී මුල්ම වතාවට තාරකා විද්‍යාඥයන් හට නෝවා ලෙස හඳුන්වන තාරකා පිපුරැමක් මගින් ලිතියම් අවකාශයට මුදා හරින අන්දම නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණි. නෝවා ලෙස හැඳින්වෙන තාරකා එක්වරම අභ්‍යන්තර වායු වර්ග විශ්වයට මුදා හරිමින් පුපුරා යාම සිදුවේ.

මෙසේ මුදා හරින ලිතියම් ප්‍රමාණය ඉතා කුඩා වුවත් ක්ෂීරපථ මන්දාකිනි ඉතිහාසය තුල නෝවා පිපිරුම් බිලියන ගණනක් සිදුවී තිබේ. එම සියලුම නෝවා පිපුරුම් වලින් නිකුත් වූ ලිතියම් ප්‍රමාණය සැලකු කල නව තාරකා තුල විශාල ලිතියම් ප්‍රමාණයක් අඩංගු වීමට හේතුව පැහැදිලි වේ.

මෙබදු නව නිරීක්ෂණ මගින් තාරකා විද්‍යාඥයන් හට මගින් අපරිමිත විශ්වයේ ප්‍රහේලිකා විසඳා ගැනීමට අවස්ථාව ලැබී ඇත. 

ඔබේ දැනුමට

ලිතියම්, තාරකා විද්‍යාඥයන් ට පමණක් වැදගත් වන මුලද්‍රව්‍යක් නොවන අතර එහි ප්‍රයෝජන රැසක් පවතී. උදාහරණයක් ලෙස බොහොමයක් ප්‍රාථමික බැටරි වල ලිතියම් අඩංගු වේ.   

Share:

Mehr Neuigkeiten
14 September 2020
10 September 2020
3 September 2020

Bilder

Das Rezept für unser Universum
Das Rezept für unser Universum

Printer-friendly

PDF File
1,0 MB