Folge uns
iBookstore
Android app on Google Play
Gefällt mir
Ein Programm der Universität Leiden
රසවත් සොයාගැනීමක්!
29. August 2012

එදිනෙදා හමුවන සීනි වල ජීවය සදහා අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය ඇති බව ඔබ දන්නවාද? නමුත් ඉන් අදහස් වන්නේ සීනි විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනීම සෞඛ්‍යදායී වන බව නම් නොවේ. කෙසේවෙතත් සීනි සෑදී ඇත්තේ, කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් යන සරල රසායනික ද්‍රව්‍ය වට්ටෝරුව එක්වීමෙනි. පෘථිවියේ හමුවන සියලු ජීවින් මෙම රසායනික ද්‍රව්‍ය තුන හා නයිට්‍රජන් එක්වීමෙන් සෑදී ඇත.

ප්‍රබල දුරේක්ෂයක් ආධාරයෙන් තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් කළ නවතම නිරීක්ෂණයකදී, අපේ හිරු මෙන් තරුණ තාරකාවක් වටා පිහිටි වායු කලාපයක සීනි පදාර්ථ සොයාගෙන ඇත. මෙයට පෙර මෙවැනි සොයාගැනීම් කර ඇතත්, හිරු වැනි තාරකාවකට මෙතරම් සමීපයෙන් සීනි සහිත වායු කලාපයක් සොයාගෙන තිබී නැත. (මෙම කලාපය හා එම තාරකාව අතර දුර, අපේ හිරු හා යුරේනස් ග්‍රහයා අතර දුරට සමාන ය.) මෙය වැදගත් සොයාගැනීමක් වන්නේ, සීනිවල ජීවයට අවශ්‍ය රසායන අඩංගු බැවින් හා එය හිරුට සමාන තාරකාවක් ආසන්නයේ හමුවීමයි. සමහර විට එම තාරකාව වටා පිහිටි ග්‍රහයෙකු මත ජීවය පැවතිය හැකිය!

තාරකා විද්‍යාඥයින් සොයා ගෙන ඇති අන්දමට, මෙම සීනි කලාපය එම තාරකාව දෙසට ගමන් කරමින් පවතී. ඔවුන්ගේ මතයට අනුව, මෙම කලාපය යම් ග්‍රහලෝකයක් වෙතට ගමන් කිරීම සදහා සුදුසු ස්ථානයේ පමණක් නොව, සුදුසු දිශාවටද සරිලන ලෙස පිහිටයි.

ඔබත් එකතුවන්න: ඔබට ලොව ඇති ප්‍රභලම දුරේක්ෂයක් හිමි නම් ඔබ නිරීක්ෂණය කරන්නේ කුමක්ද? තම පනස්වන සැමරුම සදහා දකුණු යුරෝපීය නිරීක්ෂණාගාරය (ESO) විසින් තම VLT දුරේක්ෂය මඟින් නිරීක්ෂණය කළ යුතු අභ්‍යවකාශ වස්තුව පිළිබද මත විචාරයක් පවත්වයි. වැඩි විස්තර මෙම අඩවියෙන්.

Mehr Informationen

ESOමෙම තොරතුරු ESO මාධ්‍ය නිකුතුවක් ඇසුරිනි.

Share:

Mehr Neuigkeiten
14 September 2020
10 September 2020
3 September 2020

Bilder

Astronomen machen eine süße Entdeckung
Astronomen machen eine süße Entdeckung

Printer-friendly

PDF File
923,2 KB