Folge uns
iBookstore
Android app on Google Play
Gefällt mir
Ein Programm der Universität Leiden
විශ්වයේ 'ඕ' යෝධයෝ!
26. July 2012

විශ්වයේ තරු වර්ග ගැන සිතන විට එය හරියට විවිද පාටැති සීනි බෝල මල්ලක් ලෙස සිතිය හැක.  

තරුවක පැහැය අපට එහි ස්කන්ධය සහ මතුපිට උෂ්ණත්වය පිලිබදව ඉඟියක් ලබා දෙනවා. උණුසුම් හා බරැති තරු නිල් පැහැති අතර සිසිල්, සැහැල්ලු තරු රතු පැහැයෙන් යුක්තය. (මෙය සාමාන්‍ය භාවිතයේදී නිල් හා රතු සිසිල් හා උණුසුම් වෙනුවට යොදාගන්නා ආකාරයට වෙනස්වේ - උදාහරණයක් ලෙස උණුසුම් හා සිසිල් ජල කරාමයන්හි සහ කාලගුණ වාර්තාවන්හි.)

උණුසුම් හා සිසිල් අනුපිළිවලට තාරකා O, B, A, F, G, K සහ M යන කාණ්ඩ වලට බෙදනු ලබයි. අපේ හිරු මධ්‍යම පන්තියේ G-කාණ්ඩයේ තරුවකි. ඔබට ඉහත පෙනුණු ආකාරයට මෙම කාණ්ඩ නම් ඉංග්‍රීසි අකාරාදී අනුපිළිවෙලින් වෙනස්වේ. නමුත් ඉංග්‍රීසි බසින් මෙම අනුපිළිවෙල මතක තබා ගැනීමට Oh Be A Fine Girl /Guy, Kiss Me යන වාක්‍යය භාවිතා කල හැක. (පහත ඇති ක්‍රියාකාරකම බලන්න.)

මෑතකදී විවිධ රටවල තාරකා විද්‍යාඥයින් පිරිසක් O-වර්ගයේ තාරකා 71ක් සොයාගනු ලැබුවා. ඉහත අනුපිළිවෙල අනුව මෙම තරු ඉතා උණුසුම් බව අපට කිව හැකිය. මෑතක් වනතුරු තාරකා විද්‍යාඥයින් සිතා සිටියේ, O-වර්ගයේ තරු ඒවායේ අසල්වැසි තරු වලින් ඈත්ව පිහිටන බවයි. නමුත් නව සොයාගැනීම් අනුව මෙවැනි තරු 4කින් 3ක් පමණ තවත් තරුවක් ආසන්නයේ පිහිටන බව සොයාගෙන ඇත. එසේම එවැනි තරු 3කින් 1ක් පමණ අනෙකකට කෙතරම්  ආසන්නදයත්, කල් යාමේදී ඒවා එක් තරුවක් බවට පරිවර්තනය වේ.

නිර්මාණශීලී ඔබට: මෙම තාරකා කාණ්ඩ අනුපිළිවෙල මතක තබා ගැනීමට පහසු හා සරල සිංහල වාක්‍යයක් ඔබට අප වෙත එවිය හැක. ඔබේ නම (හෝ පාසලේ/කණ්ඩායමේ නම), වයස හා රට සදහන් කර info@unawe.org වෙත එවා අප හා සම්බන්ධ වන්න.

Mehr Informationen

මෙම තොරතුරු ESO මාධ්‍ය නිකුතුවක් ඇසුරිනි.

Share:

Mehr Neuigkeiten
14 September 2020
10 September 2020
3 September 2020

Bilder

Diese "O" so großen Wunderkugeln des Universums!
Diese "O" so großen Wunderkugeln des Universums!

Printer-friendly

PDF File
799,2 KB