Folge uns
iBookstore
Android app on Google Play
Gefällt mir
Ein Programm der Universität Leiden
රහසක් රැගත් තරුවක්
5. September 2012

ඔබ දැන් සිටින කාමරය වටා වරක් බලන්න. විවිද වර්ණ හා ද්‍රව්‍ය වලින් සෑදුනු නොයෙක් දෑ ඔබ වටා තිබෙන්නට හැක. නමුත් මේ සියල්ල සෑදී ඇත්තේ එකම ද්‍රව්‍ය කාණ්ඩයකිනි. එනම් රසායනික මූලද්‍රව්‍ය වලිනුයි.

ඔබ දැනටමත් මෙම මූලද්‍රව්‍ය සමහරක නම් දන්නවා විය හැක. සම්පූර්ණ මූලද්‍රව්‍ය ගණන 118ක් වන අතර, රත්රන්, ඔක්සිජන් හා තඹ ඉන් සමහරක්. මින් අදහස් වන්නේ ඔබේ කාමරය අවට ඇති  සියලු දේ  හා පෘථිවියේ දක්නට ඇති සියලු දේ, මෙම මූලද්‍රව්‍ය සමහරක් යම් ප්‍රමාණවලට එක්වීමෙන් සෑදී ඇති බවයි.

මෙය අභ්‍යවකාශයේත් එසේමය. එහි අමතර මූලද්‍රව්‍ය තිබෙන්නට හැකි වුවත්, තාරකා විද්‍යාඥයින් තවමත් දන්නේ මූලද්‍රව්‍ය 118ක් ගැන පමණී.

බොහෝ මූලද්‍රව්‍ය සෑදිය හැක්කේ තාරකා තුල පමණය. පැරණි තාරකා පුපුරා යාමේදී මෙම මූලද්‍රව්‍ය අභ්‍යවකාශයට මුසුවේ. සෑම නව තාරකා පරම්පරාවකම තාරකා බිහිවීමේදී, පෙර තාරකා වලට වඩා වැඩි මූලද්‍රව්‍ය ගණනක් නව තාරකා වල අඩංගු වේ.

එනම් ඉහත තාරකා පොකුරේ ඇති තාරකා වැනි පැරණි තාරකාවල, එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නැත. ඒවායේ බොහෝවිට ඇත්තේ, හයිඩ්‍රජන් හා හීලියම් පමණී. නමුත් නව සොයාගැනීමකට අනුව ඉහත පොකුරේ එක් විශේෂ තාරකාවක ලිතියම් නම් මූලද්‍රව්‍යය විශාල ප්‍රමාණයෙන් ඇත. මෙම මූලද්‍රව්‍යය එහි කෙසේ හටගත්තේදැයි තාරකා විද්‍යාඥයින් තවමත් සොයාගෙන නැත.    

ඔබ දන්නවාද? නව රසායනික මූලද්‍රව්‍ය තවමත් සොයාගනිමින් පවතී. නවතම මූලද්‍රව්‍ය සොයාගැනීම වන්නේ "ununseptium" නම් 2010 දී සොයාගත් මූලද්‍රව්‍යය යි.

Mehr Informationen

ESO මෙම තොරතුරු ESO මාධ්‍ය නිකුතුවක් ඇසුරිනි.

Share:

Mehr Neuigkeiten
14 September 2020
10 September 2020
3 September 2020

Bilder

Ein Stern mit einem Geheimnis
Ein Stern mit einem Geheimnis

Printer-friendly

PDF File
1,0 MB