Folge uns
iBookstore
Android app on Google Play
Gefällt mir
Ein Programm der Universität Leiden
රාත්‍රී අහස අඳුරු ඇයි?
15. August 2012

සමහර අවස්ථාවලදී සරල හා පහසු ප්‍රශ්න ඔස්සේ අපට වැදගත් හා සංකීර්ණ දෑ පිළිබද වැටහීමක් ලබාගත හැකිවේ.

උදාහරණයක් ලෙස, රාත්‍රී අහස අඳුරු වන්නේ ඇයි? මෙය ඉතා පහසුවෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් ලෙස පෙනුනත්, තාරකා විද්‍යාඥයින්හට කාලයක් තිස්සේ මෙය ප්‍රශ්නයක්ව පැවතුනි. පෘථිවිය රාත්‍රියේදී හිරුගෙන් ඉවතට මුහුණලා සිටින බව ඔවුන් දැන සිටියත්, විශ්වය අනන්තය කරා විහිදෙන බවද ඔවුන් සිතා සිටියා. නමුත් විශ්වය මෙතරම් විශාලනම්, රාත්‍රී අහසේ සෑම අස්සක් මුල්ලක් නෑරම තාරකාවක් දක්නට ලැබිය යුතුයි. එවිට රාත්‍රී අහස අඳුරු නොවී දීප්තියෙන් පිරී තිබිය යුතු නොවේද?

මෙය තේරුම් ගැනීමට පහසුම ක්‍රමය නම්, ඔබ ගස් වලින් ගහන වනාන්තරයක් මැද සිටගෙන සිටිනවායැයි සිතීමයි. වනාන්තරය අනන්ත දුරකට විහිදී ඇත්නම්, ඔබ වනාන්තරයේ යම් දිශාවකට ගමන් කළහොත් යම් මොහොතක ඔබට ගසක් හමුවීම අනිවාර්යයි. මෙය ඔබ කුමන දිශාව තෝරාගත්තත්, කෙතරම් දුරක් ගමන් කලත්, යම් විටකදී සිදුවේ.

සමහර තාරකා විද්‍යාඥයින් එකල සිතා සිටියේ, ඉහත රූපයේ පෙනෙන්නාක් වැනි විශාල දූවිලි වලාකුළු මඟින් තාරකාවල දීප්තිය බොඳ වීමෙන් රාත්‍රී අහස අඳුරු වන බවයි. නමුත් වර්තමාන මතය වන්නේ, විශ්වය අනන්ත ප්‍රමාණයක් විශාල නොවන බැවින් මෙසේ රාත්‍රී අහස අඳුරු වන බවයි.

එසේනම් මෙම කතාවේ හරය වන්නේ, කිසිවිටක ප්‍රශ්නයක් ඇසීමට බිය නොවිය යුතු බවයි. දක්ෂ විද්‍යාඥයෙකු වීම නම්, තම පරිසරය පිලිබදව නිරතුරුව ප්‍රශ්න කිරීමට හැකි වීමයි. 

ඔබත් එකතුවන්න: තාරකා විද්‍යාඥයින්ගෙන් ඔබට දැනගැනීමට අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට වෙබ් අඩවි රාශියක් පවතී. ඉන් සමහරක් පහත දැක්වේ.

Mehr Informationen

මෙම තොරතුරු ESO මාධ්‍ය නිකුතුවක් ඇසුරිනි.

Share:

Mehr Neuigkeiten
14 September 2020
10 September 2020
3 September 2020

Bilder

Warum ist der Himmel nachts dunkel?
Warum ist der Himmel nachts dunkel?

Printer-friendly

PDF File
1,1 MB